සොඳුරු සරසවි අසපුව
සරසවි ජීවිතය සුන්දර මතකයක් පමණක් නොවේ. සොඳුරු යෞවණය ජීවය ලැබූ ඒ අසපුව මගේ හිතේ කවිකම පිළිසිඳ ගත්තා. එහිම උපන් කවි සිත අද කෙතරම් වැඩිවියට පත්ව ඇත්දැයි අදහා ගත නොහැක.සතුටකි. මිහිරකි. මවුනි ඔබ ඇකයේ සිට මැවූ සිහින බොඳවී විසිරුනා නොවේ මල් පල දැරුවා පමණි. ආයුබෝවන් රුහුණු සරසවි මවුනි ගරු.!
Tuesday, April 20, 2010
මනමේ
දිවි ඇති තෙක් දුක බෙදා ගමු කියූ දේවි
මට විතරක් දුක දී ඔබ කොහි ගියෙ පේවි
යුග ගීයක කවි තනුවක් වෙමු කියූ සාවි
සඳ මඩළෙන් සැඟවී හැර ගියාද පාවී
හැඩි දැඩි වැදි රජු සමගින් පැන ගිය
රැවටී මිය ගියාය ඒ මනමේ කුමරිය
මියදුනා නොවේ තනිවිය සොඳුරිය
වේදිකාවේ කළු තිර රෙදි පියවිය
ධනුධර වුණි පෙර බරණැස් පුරවර
ඉදුවර දෙව් සිරි සැප විඳ සුර වර
ඉදහිට තවමත් වනයේ දකිමින් රූබර
තිර හැර බලනෙමි නර්තන පෙම්බර
සිඳ බිඳ දැමුවත් මා ගෙල වැදි රජ
ඉකිබිඳ හඩනා රැවටුන පියළඳ
සිහි කැඳවා තිරයේ හොල්මන් කර
තවමත් රඟනා මම මනමේ රජ
Subscribe to:
Post Comments (Atom)
5 comments:
ලස්සනයි මිත්රයා නිර්මාණය..
word verification එක අයින් කරන්න ඔයාගෙ Blogger ගිණුමට ඇතුලු වෙලා ඒකෙ settings යටතේ තියන comments ටැබ් එක තෝරන්න එතන Show word verification for comments? කියන තැන No කරන්න.
ගොඩක් ස්තූතියි.ඔයා කියපු විදියට වැඩේ කලා.දැන් බලන්නකෝ
ehenam test karala balamuko
hari dan weda
තෑන්ක්ස මචං
Post a Comment