සොඳුරු සරසවි අසපුව

සරසවි ජීවිතය සුන්දර මතකයක් පමණක් නොවේ. සොඳුරු යෞවණය ජීවය ලැබූ ඒ අසපුව මගේ හිතේ කවිකම පිළිසිඳ ගත්තා. එහිම උපන් කවි සිත අද කෙතරම් වැඩිවියට පත්ව ඇත්දැයි අදහා ගත නොහැක.සතුටකි. මිහිරකි. මවුනි ඔබ ඇකයේ සිට මැවූ සිහින බොඳවී විසිරුනා නොවේ මල් පල දැරුවා පමණි. ආයුබෝවන් රුහුණු සරසවි මවුනි ගරු.!

Wednesday, February 24, 2010

ඉවසිය නොහැකි තනිකම

සිහිනෙන් හෝ මගෙ පැතුමන් ‍
සුලඟ සමග යාවේ නම්
ඔබේ ලඟට නෑවිත් මං
සුසුම් සමග පෑහෙන්නම්

කළුවර හිස් සිත් අහසේ
දිය ඇල්ලක් සේ පාවී
රටා මැවූ කඳුළු මැදින්
ගලාන යන්නම් සිත්සේ

නිල් අහසේ සඳ ඔබනම්
එහි තනි තරුවක් වෙන්නම්
දරා ගන්නම් බැරි තනිකම්
නුඹේ නමින් ඉවසන්නම්

Wednesday, February 17, 2010

හිමි නැති දා

අන්දර වැට ලඟ
ගින්දර උහුලන
සුන්දර රන් කඳ
අඳුරට බියවින

තල් වැට අද්දර
තරු කැ‍ට ගැන්නට
කල් ඇත හිමි සඳ
විල් තෙර සිඹින්න

සඳ දිය උතුරා
දෝරේ ගැලුවට
බඳ වට දවටා
ගන්නට ඔබ නැත

යශෝදරා


සීතයි සඳළුතල සඳ දිය ගලන රැයේ
දෑසයි ලයයි සේදින ඒ නිමල ජලේ
සෝකයි මාළිගා හිමි සඳ නොමැති රැයේ
ඒකයි ඇසළ සඳ ඇවිදින් යන්න ගියේ

බවෙන් බවේ ආවත් සුරතේ එල්ලී
රු‍වෙන් ඇලී ගිලුනා ඔබටම ලොල්වී
රුවන් මාලිගාවක මා අද තනිවී
රහල් කුමරු හා මා අද ඉකිබිඳිමී

සුවඳයි මිහිරි මතකය පෙම අතීතයේ
සුවදෙයි තවම සැතපුන සිරි යහන අපේ
සිදුහත් කොහිද ඔබ මා හැර යන්න ගියේ
මැදහත් මගදි මට පිහිටක් වෙන්න ප්‍රියේ