සොඳුරු සරසවි අසපුව

සරසවි ජීවිතය සුන්දර මතකයක් පමණක් නොවේ. සොඳුරු යෞවණය ජීවය ලැබූ ඒ අසපුව මගේ හිතේ කවිකම පිළිසිඳ ගත්තා. එහිම උපන් කවි සිත අද කෙතරම් වැඩිවියට පත්ව ඇත්දැයි අදහා ගත නොහැක.සතුටකි. මිහිරකි. මවුනි ඔබ ඇකයේ සිට මැවූ සිහින බොඳවී විසිරුනා නොවේ මල් පල දැරුවා පමණි. ආයුබෝවන් රුහුණු සරසවි මවුනි ගරු.!

Wednesday, February 17, 2010

හිමි නැති දා

අන්දර වැට ලඟ
ගින්දර උහුලන
සුන්දර රන් කඳ
අඳුරට බියවින

තල් වැට අද්දර
තරු කැ‍ට ගැන්නට
කල් ඇත හිමි සඳ
විල් තෙර සිඹින්න

සඳ දිය උතුරා
දෝරේ ගැලුවට
බඳ වට දවටා
ගන්නට ඔබ නැත

1 comment:

ජීවිතය සොබාදහම මනුස්සකම ආදරය said...

ජිවිතය කියාදුනි
පන්නරය ලබාදුනි
කළ්‍යාණයින් හමුවුනි
ඒ අපේ සරසවියෙනි....

හැබැයි මමනම් රුහුනේ නෙමෙයි