සොඳුරු සරසවි අසපුව

සරසවි ජීවිතය සුන්දර මතකයක් පමණක් නොවේ. සොඳුරු යෞවණය ජීවය ලැබූ ඒ අසපුව මගේ හිතේ කවිකම පිළිසිඳ ගත්තා. එහිම උපන් කවි සිත අද කෙතරම් වැඩිවියට පත්ව ඇත්දැයි අදහා ගත නොහැක.සතුටකි. මිහිරකි. මවුනි ඔබ ඇකයේ සිට මැවූ සිහින බොඳවී විසිරුනා නොවේ මල් පල දැරුවා පමණි. ආයුබෝවන් රුහුණු සරසවි මවුනි ගරු.!

Sunday, February 13, 2011

වැලන්ටයින් නුඹ කොහෙද


නැලවෙන නැලවෙන

රිද්මෙට නැලවෙන

සෙලවෙන සෙලවෙන

කාලෙට සෙලවෙන

බද්‍ර යෞවණේ කොටස් වෙළඳපොල

සුපෙම්වතුන්ගේ සුපෙම් කතන්දර

තාරුණ්‍යයේ හද රිද්මය පා කර

වැලන්ටයින් නුඹෙ පෙම් මල් පුදසුන

ලෝක වෙළඳපොල ලාබෙට විකුණන

ගැස්සෙන පැද්දෙන

රිද්මෙට රොක්වෙන

සොඳුරු යොවුන් විය

තරු සිහිනය මත

අඳුරු සයනයක

සැතපෙනු දැක දැක

වැලන්ටයින් නුඹ බලා සිටිනවද

Sunday, February 6, 2011

මහ වැස්සට සඳ නෑ


ගිගුම් දී හඬ දෙ‍දරවා හද

මුරුගසං වැසි පතිත වෙයි අද

අකම්පිත වී බලා ඉමි මම

නුබ ගැබෙන් නුඹ මතු වෙනා සඳ