සොඳුරු සරසවි අසපුව

සරසවි ජීවිතය සුන්දර මතකයක් පමණක් නොවේ. සොඳුරු යෞවණය ජීවය ලැබූ ඒ අසපුව මගේ හිතේ කවිකම පිළිසිඳ ගත්තා. එහිම උපන් කවි සිත අද කෙතරම් වැඩිවියට පත්ව ඇත්දැයි අදහා ගත නොහැක.සතුටකි. මිහිරකි. මවුනි ඔබ ඇකයේ සිට මැවූ සිහින බොඳවී විසිරුනා නොවේ මල් පල දැරුවා පමණි. ආයුබෝවන් රුහුණු සරසවි මවුනි ගරු.!

Wednesday, December 30, 2009

නවීන් වින්දුල පුතා

හා හා හොරෙන් හොරෙන්
දඟ වැඩ එපා සුදු පුතේ
පාසල් යන්නේ නැතිව
හැංගෙන්න ද දඟලන්නේ

ආයු බෝ වේවා මහ රජාණෙනි



රුපුනොද එඩි බඳ දමා
තෙද බල දද නංවලා
සිය දහස් නෙතු දල්වලා
සියපතක් විකසිත වෙලා

සඳ වසන්නෙපා සඳ සාවී
මුළු ලොවම දුක්වේවී........

නෙතු හරින්නෙපා ළබැඳී
මගේ හදවතම ඇවිලේවී........

Tuesday, December 29, 2009

සින්දූර්



පිච්ච මල් ගොතා වරලස
පොට්ටු තැබූ පුර සඳවත
ලෙච්චමී ඇවිත් ලඟටම
ඇවිලුවා මගේ හදවත

Monday, November 16, 2009

අතීත සැමරුම්

මීන නුවන් යුග අතරේ
නීල තඹර පෙති දිලිසේ
පාට සිඳුනු ආකාසේ
සිහින හොරු අරන් රහසේ

මානවිකා සිත් අහසේ
තාරුකා අතර සැඟවේ
නාඳුනනා තුනු සපුවේ
සෙනෙහස් කවි පද ගෙතුවේ

සීත සඳුන් නල රැල්ලේ
වියැළී ගිය කඳුලැල්ලේ
සොයමි ඔබ පිදූ සෙනෙහේ
අතීත සැමරුම් අතරේ

සිහින හොරු අරන් ගියා


මීන නුවන් යුග අතරේ
නීල තඹර පෙති දිලිසේ
පාට සිඳුනු ආකාසේ
සිහින හොරු අරන් රහසේ

මානවිකා සිත් අහසේ
තාරුකා අතර සැඟවේ
නාඳුනනා තුනු සපුවේ
සෙනෙහස් කවි පද ගෙතුවේ

සීත සඳුන් නල රැල්ලේ
වියැළී ගිය කඳුලැල්ලේ
සොයමි ඔබ පිදූ සෙනෙහේ
අතීත සැමරුම් අතරේ

Wednesday, June 3, 2009

විශ්වයම දෝතට






මධුසමය


මධුසමය

නෙත් විලේ පිපුනු නිල් පියුම් තඹර පෙති
සැලෙයි කියා මට බයයි.........................
විල් තලේ හස යුවල රඟන විට
පැන යයි ද කියා මට සැකයි...................
රත්විලේ පිපුනු රත් පියුම් තඹර පෙති
රිදෙයි කියා මට බයයි............................
නුබතලේ සොමිකිරණ ගලාවිත්
උතුරා යැයිදැයි සිතෙයි..........................
රොනවුලේ වැදි අනඟ බමර තුඩ
සරණ රාත්‍රිය දඟයි..................................
ලා විදුලි බුබුලු මතින් රැස් කිරණ ගලා විත්
තුරුණු සපුව හරි හැඩයි..........................
මධූවතේ මත් රිද්ම තරංගා
අළුයම තුරු රස පොවයි..........................
සිරි යහන් ගැබේ සුදු පිරුවට තැවරූ
රත් පියුම් කෙමියේ යුෂ පෙනෙයි.............

කේ. එම්. එස්. කුමාර
වැඩසටහන් සහකාර (ප්‍රගති විමර්ශණ)
ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
කතරගම

බිඳුනු තත්සර

ඔබ නමින් ලියූ කවි පදේ
තනුව අමතකයි හදේ......හී
සඳ නොමැති මේ රැයේ
සිත් යාය කළුවරයි ලඳුනී

නුඹ දුන්න පෙම් සිතාරේ
තත් බිඳී විසිරී යාවී..........
හද බින්ද වරදට සාවී
සඳ නොපෙනී යන්නම යාවී
මගේ සුසුම් රැල් ගලාවිත්
සත්සරට මුසු වුනාවේ....
මේ නිහඬ බව බිඳ දමා
තනි සුසානය සිනාසේ..වී

Thursday, May 28, 2009

ලෙච්චමීට රෑ සඳ පාළුයි



ලෙච්චමීට රෑ සඳ පාළුයි
මේ ලැයිම් කාමරේ හරි ශීතයි
ඉස්ටෝරුවේ මුර කවුළුව ඈතයි
සෙල්ල දොරේ හිත ගිනි උහුලයි
ලෙච්චමීට රෑ සඳ පාළුයි
තේ දල්ලේ කහට දෑතේ පුසුඹයි
ගිනි අව්වේ සැරට පුසුඹ මැකී යයි
මීදුම් සළු ගත තවරා එයි
මුළු පස්සර කඳු වැටියම නිසලයි
පොට්ටු තැබූ නලලත සිනිඳුයි
කොපුල් පුරා කඳුළු හැඩ කරයි
රටා පැදුර තනිව හූල්ලයි
මාරිමුත්තු කෝවිල නිහඬයි

‍කේ. එම්. එස්. කුමාර
වැඩසටහන් සහකාර (ප්‍රගති විමර්ශණ)
ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
කතරගම