සොඳුරු සරසවි අසපුව

සරසවි ජීවිතය සුන්දර මතකයක් පමණක් නොවේ. සොඳුරු යෞවණය ජීවය ලැබූ ඒ අසපුව මගේ හිතේ කවිකම පිළිසිඳ ගත්තා. එහිම උපන් කවි සිත අද කෙතරම් වැඩිවියට පත්ව ඇත්දැයි අදහා ගත නොහැක.සතුටකි. මිහිරකි. මවුනි ඔබ ඇකයේ සිට මැවූ සිහින බොඳවී විසිරුනා නොවේ මල් පල දැරුවා පමණි. ආයුබෝවන් රුහුණු සරසවි මවුනි ගරු.!

Wednesday, June 3, 2009

මධුසමය

නෙත් විලේ පිපුනු නිල් පියුම් තඹර පෙති
සැලෙයි කියා මට බයයි.........................
විල් තලේ හස යුවල රඟන විට
පැන යයි ද කියා මට සැකයි...................
රත්විලේ පිපුනු රත් පියුම් තඹර පෙති
රිදෙයි කියා මට බයයි............................
නුබතලේ සොමිකිරණ ගලාවිත්
උතුරා යැයිදැයි සිතෙයි..........................
රොනවුලේ වැදි අනඟ බමර තුඩ
සරණ රාත්‍රිය දඟයි..................................
ලා විදුලි බුබුලු මතින් රැස් කිරණ ගලා විත්
තුරුණු සපුව හරි හැඩයි..........................
මධූවතේ මත් රිද්ම තරංගා
අළුයම තුරු රස පොවයි..........................
සිරි යහන් ගැබේ සුදු පිරුවට තැවරූ
රත් පියුම් කෙමියේ යුෂ පෙනෙයි.............

කේ. එම්. එස්. කුමාර
වැඩසටහන් සහකාර (ප්‍රගති විමර්ශණ)
ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
කතරගම

No comments: