සොඳුරු සරසවි අසපුව

සරසවි ජීවිතය සුන්දර මතකයක් පමණක් නොවේ. සොඳුරු යෞවණය ජීවය ලැබූ ඒ අසපුව මගේ හිතේ කවිකම පිළිසිඳ ගත්තා. එහිම උපන් කවි සිත අද කෙතරම් වැඩිවියට පත්ව ඇත්දැයි අදහා ගත නොහැක.සතුටකි. මිහිරකි. මවුනි ඔබ ඇකයේ සිට මැවූ සිහින බොඳවී විසිරුනා නොවේ මල් පල දැරුවා පමණි. ආයුබෝවන් රුහුණු සරසවි මවුනි ගරු.!

Monday, January 18, 2010

මතක මන්දිර



පෙර දිනයක මා නුඹගේ අත ගෙන
ඇවිද ගියපු මල් පාර අනන්තයේ....
නටබුන් නොවෙනා මතක මහල අද
අපේ නමින් ලියු ප්‍රේම පුරාවත
මකා දමා ඇත සංරක්ෂණ කර

බිතු සිතුවම්වල ඇඳුනු අපේ රෑ
මැකී ගොසිනි නව සුනු සායම් මත

පිය ගැට අභියස
පිපුනු නැවුම් මල්
අප එන මාවත
බලා සිටිනවද
රුහුනු කුමාරිය
හැර ගිය බව දැන
සරසවි අසපුව
හැඬුවද ඉකිබිඳ

Tuesday, January 12, 2010



බට නලාවේ සංගීතය
ගෙනෙයි සෝක ගී රාවය
විහඟ තුඩක අමුණා ගෙන
ගෙන යනු වස් දඬු රාවය
හැර ගිය මායාවිය වෙත

කැලැන්ඩරය සහ ජීවිතය



කාලය
වේගයෙන්
ඇදී යන
චක්‍රය.....
ලා බාල....
තරුණ....
මහළුන්....
ජීවිතය තොර තර....

කුවේණී



තම්බපන්නියට බට
රන් කුමරුනි විජය
සන්නාලියට ගණ රණ්
පැලඳුව රජිඳ
මන්ද හිමි සඳුනි
දොරකඩ තවම
වඩිනු මැනවි
මා ඔබගේ කුවේණිය
කටින කපු සේල ගෙන
ඔබෙ රුව සරසාලා
තුටින සපු මාල ගෙන
ඔබෙ ගෙල පලඳාලා
මිටින රුපු දනන් සිඳ
ඔබ රජ කරවාලා
සිටිමි නෙතු නොහැර
අග මෙහෙසිය වීලා
පරපුරේ එවුන් ගෙල
සිඳ බිඳ දමම්න්
සනුහරේ එවුන්
අතහැර දමමින්
අවරගිර නැගෙන විට
ඔබෙ පතිනිය වීමෙන්
පවර නිරිඳ එමි
ඔබ වෙත හිත් බඳිමින්

Wednesday, January 6, 2010

අනුරාගිනී
ඔය නෙතු වලින්
හෙලන රාගිනි මතින්
මගේ සියොලඟ
දැවී අළුවී ගොසින්
නෙතු පියන්
අඩකින් වසන්
මගෙ දැහැන්
නොබිඳින් ඉතින්
සඳ කැළුම්
හොරැහින් අවුත්
ගත දවන
ගිනියම් නිවයි
සිල් බිඳින
දෙනයන වසන්
නික්ම යනු මැන
සැණින්

ඔබ‍ට තියෙන ආදරේ කියා ගන්න බෑ
ඔබට තරම් මේ වගේ කාටවත්ම නෑ
සසර සරන තුරු ලොවේ හමහෙම ඉන්න බෑ
ඔබට දුන්නු ජීවිතේ නැවත ගන්න බෑ
කල්ප ගණන් පෙරුම් පුරා
සොයා ආවේ මා...................................//
වැටෙන වැටෙන හැම කඳුලම
උරුම මට නිසා හිඳිමි මම සදා
හීන ඇතත් හීන් සැරේ තියාගත්තේ මා.....................//
රිදෙන රිදෙන හැම මොහොතේම මටම හුරු නිසා
හිඳිමි නෙතු වසා

රොෂාන් ප්‍රනානදු