සොඳුරු සරසවි අසපුව

සරසවි ජීවිතය සුන්දර මතකයක් පමණක් නොවේ. සොඳුරු යෞවණය ජීවය ලැබූ ඒ අසපුව මගේ හිතේ කවිකම පිළිසිඳ ගත්තා. එහිම උපන් කවි සිත අද කෙතරම් වැඩිවියට පත්ව ඇත්දැයි අදහා ගත නොහැක.සතුටකි. මිහිරකි. මවුනි ඔබ ඇකයේ සිට මැවූ සිහින බොඳවී විසිරුනා නොවේ මල් පල දැරුවා පමණි. ආයුබෝවන් රුහුණු සරසවි මවුනි ගරු.!

Wednesday, February 17, 2010

යශෝදරා


සීතයි සඳළුතල සඳ දිය ගලන රැයේ
දෑසයි ලයයි සේදින ඒ නිමල ජලේ
සෝකයි මාළිගා හිමි සඳ නොමැති රැයේ
ඒකයි ඇසළ සඳ ඇවිදින් යන්න ගියේ

බවෙන් බවේ ආවත් සුරතේ එල්ලී
රු‍වෙන් ඇලී ගිලුනා ඔබටම ලොල්වී
රුවන් මාලිගාවක මා අද තනිවී
රහල් කුමරු හා මා අද ඉකිබිඳිමී

සුවඳයි මිහිරි මතකය පෙම අතීතයේ
සුවදෙයි තවම සැතපුන සිරි යහන අපේ
සිදුහත් කොහිද ඔබ මා හැර යන්න ගියේ
මැදහත් මගදි මට පිහිටක් වෙන්න ප්‍රියේ

2 comments:

සරත් ගුණතුංග said...

රුහුනු සරසවිය අද දින තිබෙන තැ න
පෙර මුඩු බිමකි,රෑ පල්හොරු ඉන් න
වැල්ලමඩම යන නමකින් හැඳින්වු න
සරසවි දේවි අද රුහුණට අරක් ගෙ න

සරසවියකින් බිහිවන යෞවන සිහි න
මුලු දිවියටම සලසයි සැනසුම සර න
මනස පුබුදු වෙයි දිවි පදනම් කර න
අමතක නොවේ කිසිදා සුන්දර සිහි න

සරත් ගුණතුංග said...

මගේ සරසවි දිවියට වසර 45ක් ගෙවී ඇත. තවමත් මම ඒ ජීවිතයේ රස විඳිමි. ඔබට තෙරුවන් සරණයි