සොඳුරු සරසවි අසපුව

සරසවි ජීවිතය සුන්දර මතකයක් පමණක් නොවේ. සොඳුරු යෞවණය ජීවය ලැබූ ඒ අසපුව මගේ හිතේ කවිකම පිළිසිඳ ගත්තා. එහිම උපන් කවි සිත අද කෙතරම් වැඩිවියට පත්ව ඇත්දැයි අදහා ගත නොහැක.සතුටකි. මිහිරකි. මවුනි ඔබ ඇකයේ සිට මැවූ සිහින බොඳවී විසිරුනා නොවේ මල් පල දැරුවා පමණි. ආයුබෝවන් රුහුණු සරසවි මවුනි ගරු.!

Thursday, April 15, 2010

ගොළු හදවත



ඔබ ලගම ඇතැයි සිතෙයි
එහෙත් බොහෝ දුරයි
ඔබ අහම්බයෙන් පෙනෙයි
හදෙහි නිතර රැ‍ඳෙයි

ඔබ සඳවත සේ දිලෙයි
මහද අඳුර වෙසෙයි
නුඹ මගෙ සිහිනය නොවෙයි
එහෙත් මහද සැලෙයි

ඔබ වසන්තයක් වගෙයි
මට අහිමි වේද සිතෙයි
නුඹ තුෂර බිඳක් වගෙයි
හිරු සමගම සැඟවුනයි
මම අනන්තයටම දුවයි
නුඹ එතැනම හිඳියි

මගෙ මුවේ වදන් ගොළුයි
දෑසින් ඉඟි කරයි
මේ ආදරයද සිතෙයි
එහෙත් මටද සැකයි

තනි කමක් සිතට දැනෙයි
පාලුව ද කියා සිතෙයි
ඔබ ගැන මගෙ සිත සොයයි
ඔබ නොදන්නේද එයයි

2 comments:

Anonymous said...

ඈ අනන්තයේ නොවෙයි
ඈ ඔබේ සිතේ සරයි
පමා නොවී කීවොතින්
සිතේ මලක් පිපෙයි

ඔබට ජය ....

ස්වර්ණ කුමාර said...

ඒ කතාවනම් සැබැයි