සොඳුරු සරසවි අසපුව

සරසවි ජීවිතය සුන්දර මතකයක් පමණක් නොවේ. සොඳුරු යෞවණය ජීවය ලැබූ ඒ අසපුව මගේ හිතේ කවිකම පිළිසිඳ ගත්තා. එහිම උපන් කවි සිත අද කෙතරම් වැඩිවියට පත්ව ඇත්දැයි අදහා ගත නොහැක.සතුටකි. මිහිරකි. මවුනි ඔබ ඇකයේ සිට මැවූ සිහින බොඳවී විසිරුනා නොවේ මල් පල දැරුවා පමණි. ආයුබෝවන් රුහුණු සරසවි මවුනි ගරු.!

Monday, April 26, 2010

සිහින හොරු අරන් ගියා


මීන නුවන් යුග අතරේ
නීල තඹර පෙති දිලිසේ
පාට සිඳුනු ආකාසේ
සිහින හොරු අරන් රහසේ

මානවිකා සිත් අහසේ
තාරුකා අතර සැඟවේ
නාඳුනනා තුනු සපුවේ
සෙනෙහස් කවි පද ගෙතුවේ

සීත සඳුන් නල රැල්ලේ
වියැළී ගිය කඳුලැල්ලේ
සොයමි ඔබ පිදූ සෙනෙහේ
අතීත සැමරුම් අතරේ

2 comments:

Amila Chathuranga said...

ඔයාගෙ බ්ලොග් එකට කන්ටෙන්ට් වෝර්නින් එකක් එනවා

ස්වර්ණ කුමාර said...

හොඳ ළමයි වගේ ඒක ඉවත් කර ගන්න හැටි කියලා දෙනවද.