
මයෙ හිත් පොජ්ජට හිත්ලෑවේ ඇයි දෙයියා
රැහේ එවුන් දැන ගනිච්චි හාපුයියා
හඳුන් පොතේ ප්‍රේම ගින්න ලැව්දෙයියා
සනුහරේම ඒ ගින්නට නෑසෙයියා
මයෙ දෙයියා කොයි දේසෙන් ආවයියා
සිංගල රටේ මහ හූරා දැනගයියා
මයෙ දෙයියා මයෙ හිත් ගුල පාරයියා
මංගල තැල්ල වරිගේ මැද්දේ පෑගෙයියා
වන මැද්දේ මයේ දෙයියා තනි වෙයියා
හාපුයියා අනතුරුහෙම නොමවෙයියා
රැහේ උන්ට නුඹෙ සෙවනැලි නොදකියියා
මා තනි කර ගිය මගෙ පන රැක දෙයියා
වැදි බස පිළිබඳ අධ්‍යයනය කරන කෙනෙකු මෙහි බස සකස් කර දෙනු ඇතයි විශ්වාස කරමි.
6 comments:
අයියෝ..මට සංගීතෙ බෑහැනෙ...
නැත්නම් හොද තනුවක් දාන්න තිබ්බා..
හොඳ තනු දාන්න පුළුවන් නිර්මාණ ටිකක් මං ලඟ තියෙනවා.වැඩකාරයෙක් ඉන්නවනම් කියන්න.
හොඳ නිර්මාණයක්... හැබැයි පින්තූරේ නම් ගැලපෙන්නේ නෑ, මල් කැකුලි නපුරු පාටයි
ඔන්න ඔයා කියපු නිසා රූපය ෙවනස් කලා.
w..............o..............w patta............
ගීත් ඔයාෙග් වචන මට තව කවි ලියවනවා.ස්තුතියි
Post a Comment