සොඳුරු සරසවි අසපුව

සරසවි ජීවිතය සුන්දර මතකයක් පමණක් නොවේ. සොඳුරු යෞවණය ජීවය ලැබූ ඒ අසපුව මගේ හිතේ කවිකම පිළිසිඳ ගත්තා. එහිම උපන් කවි සිත අද කෙතරම් වැඩිවියට පත්ව ඇත්දැයි අදහා ගත නොහැක.සතුටකි. මිහිරකි. මවුනි ඔබ ඇකයේ සිට මැවූ සිහින බොඳවී විසිරුනා නොවේ මල් පල දැරුවා පමණි. ආයුබෝවන් රුහුණු සරසවි මවුනි ගරු.!

Monday, April 26, 2010

හදවත දැවී ගියාදෙන්




පිපි මල් පරව ගියාවේ
සඳ කැන් විසිර ගියාවේ
මදහස මැකී ගියාවේ
සිතුවිලි බොඳව ගියාවේ

මතකය අළුත් වුනාවේ
නෙතු අග ඉතිරි වුනාවේ
කඳුලැලි පතිත වුනාවේ
හිත අග දුක පිරුනාවේ

සිරි‍ පොද වැසි වැටුනාවේ
විහඟුන් ඉගිල ගියාවේ
අත්තටු සිඳී ගියාවේ
සුලඟක පාව ගියාවේ

2 comments:

දිල් said...

හරිම ලස්සන පැදි පෙළක්

ස්වර්ණ කුමාර said...

ගොඩක් ස්තූතියි ඔයාට.ඒත් මේ ලස්සන පැදි පෙල ඇතුලේ දිවෙන්නේ මගේ වේදනාව.සුසුම.පාළුව.කලකිරීම.

කමෙන්ට් දැක්කම ගොඩක් සතුටුටි