
සඳ අහිංසකයි
රෑ තුන්යම
හීන දකින හින්දා
සඳ හොරෙන් ඇවිත්
නෙතු අද්දර
සඳ දිය බිඳු ඇන්දා
ඔබ අහිංසකයි
මගෙ හිත ලඟ
දැවට් සිටිය හින්දා
ඔබ හොරෙන් ඇවිත්
සිත අද්දර
පාළු මැකුව හන්දා
අද සිත පාළුයි
හද කුටියෙන්
අතැර ගියපු හින්දා
නෙතු විඩාබරයි
ඔබ එන මග
බලා සිටිය හින්දා
4 comments:
ගීතයක් වගේ.... ලස්සනයි....
ඇත්තටම ඔයාගේ අගය කිරීම මට ගොඩක් ලොකු ශක්තියක්.
පදපෙළ ලස්සනයි මිත්‍රයා.
හැකිනම් word verification එක ඉවත් කරන්න.
මට කියලා දෙනවාද
Post a Comment