සොඳුරු සරසවි අසපුව

සරසවි ජීවිතය සුන්දර මතකයක් පමණක් නොවේ. සොඳුරු යෞවණය ජීවය ලැබූ ඒ අසපුව මගේ හිතේ කවිකම පිළිසිඳ ගත්තා. එහිම උපන් කවි සිත අද කෙතරම් වැඩිවියට පත්ව ඇත්දැයි අදහා ගත නොහැක.සතුටකි. මිහිරකි. මවුනි ඔබ ඇකයේ සිට මැවූ සිහින බොඳවී විසිරුනා නොවේ මල් පල දැරුවා පමණි. ආයුබෝවන් රුහුණු සරසවි මවුනි ගරු.!

Wednesday, March 31, 2010

හිස් අහසක තනිවූ විහ‍ඟෙකි



සඳ සඳවති
මම තරුවකි
ලං විය හැකි
දිනයක් නැති

නෙතු යුග පිපි
නිල් මල් පෙති
දැක සිත බැඳි
හදවත බිඳි

හිස් අහසකි
සියොතුන් නැති
නෙත් හමුවකි
කඳුලක් රැඳි

4 comments:

බිඟූ said...

මේකේ කෝ තනි වූ කුරුල්ලා...

/බිඟුවා...!

ස්වර්ණ කුමාර said...

ඇත්ත තමයි තනිවූ විහ‍ගෙකි කීවට කුරුල්ලා පේන්න නෑ.ලස්සන පික්චර් 1ක් නිසා දැම්මා.ඒ ගැන හිතුවේ නෑ මචං.

බිඟූ said...

ela ela...

ස්වර්ණ කුමාර said...

ඉස්සර කැම්පස් එකේදී දේශන වලට ගියාම ඒවා අහන් ඉන්න එක තරම් කම්මැලි කමක් තවත් තිබුනේ නැති තරම්.ගයිඩ් එක බලලා ලයිබ්‍රියෙන් තොරතුරු එකතු කරන එක තමයි සාමන්‍යයෙන් මට පහසු.80% බලන නිසා ලෙක්චර් ගියාට මගේ වැඩේම නිසදැස් ලියන එක.ඒ දවස්වල බැචීලාගේ නෝට් වල ඉතිරි වන පොඩි හිඩැසක්වත් මම ඉතිරි කලේ නෑ.ඒ දවස්වල බ්ලො‍ග් ලීවානම් අද මේ බ්ලොග් එක ගොඩක් ලස්සන වේවි.ඒ කවි ටික හොයා ගන්න ඕන.