
මන්දාරම් වැසි වසිනා
සෙංකඩගල සිරි බලන්න
හන්තානේ කඳු මුදුනේ
සුළං සමග පොර බදන්න
නාදුනනා කවිකාරිට
මාල පොටක් පලඳවන්න
ආසයි මට කුමාරියේ
ඉක්මනටම ලඟට එන්න
මහවැලි ගං ඉවුරු දිගේ
ඔබේ දෑතේ වෙලී යන්න
මුමුන මුමුන ගී පද වැල්
වැව රවුමේ ඇවිද යන්න
නුවර වැවේ පෙමින් වෙළුන
හංස ජෝඩුවට කියන්න
ආසයි උඩරට මැණිකේ
කෝච්චියෙන් නුවර එන්න
රුහුණු පුරේ කතරගමේ
සුරිඳු අපට පිහිට වෙන්න
දළදා හාමුදුරුවනේ
අපේ දුරස් බව මකන්න
ඇසළ පෙරහැරට එනකම්
නුවර මැණික බලා ගන්න
3 comments:
සරසවි සිහිනය සමගින් - හැමදාමත් එකතු වෙන්න
තව ලස්සන කවි ලියන්න- සරස්වතී පිහිට වෙන්න
නාදුනනා කවිකාරීට -නුඹේ තනිය මකා ලන්න
පිනැති හිතක් පහල වෙන්න - ආසිරි මල් පොකුරු මෙන්න
දූලානි- ඇසි දිසි සිත්තම්
ලස්සන කවි පන්තියක්. හැබැයි කියවගෙන යද්දි කවි රසයට පොඩි බාදාවක් එකතු වෙනව කියල මට දැනුන.(දළදා හාමුදුරුවනේ අපේ දුරස් බව මකන්න.) කියන පද දෙපෙලෙ මොකක් හරි වෙනසක් මට දැනෙනව.
මන්දාරම් වැස්සේ තෙමී සෙංකඩගල සිරි බැලුවට
හන්තානේ කඳු මුඳුනේ සුළං සමඟ පොර බැඳුවට
නාඳුනනා කවිකාරිට කවි මුතුවැල් පද බැන්දට
කෝ දැන් ඒ කවි කාරිය තාම ආවේ නැතිද ළඟට
Post a Comment