
ජීවය නුඹයි
නව පණ දුන්
මිලින ගිම්හානයට...
ප්‍රේමය ....නුඹයි
අඳුරු ලොව එකළු කල..
සඳක් සේ පුරපසේ
රාජ්‍ය .....නුඹයි
සිතුම් පොදි බැඳි සිතට...
සිතුමිණක් වූ
ආත්මය නුඹයි
අහිංසක මගෙ ලොවට
පුද බිමක් සේ සුවඳ කළ
රත්තරං ....නුඹයි
සත්තකයි පිළිගන්න
දිලෙන හිරු සේ ලොවට
2001.12.19 දින මාතර රුහුණු සරසවියේ නානායක්කාර ශිෂ්‍ය නේවාසිකාගාරයේදී පළමු පෙමට ගෙතූ තවත් බොළඳ කවක්.
No comments:
Post a Comment