සොඳුරු සරසවි අසපුව

සරසවි ජීවිතය සුන්දර මතකයක් පමණක් නොවේ. සොඳුරු යෞවණය ජීවය ලැබූ ඒ අසපුව මගේ හිතේ කවිකම පිළිසිඳ ගත්තා. එහිම උපන් කවි සිත අද කෙතරම් වැඩිවියට පත්ව ඇත්දැයි අදහා ගත නොහැක.සතුටකි. මිහිරකි. මවුනි ඔබ ඇකයේ සිට මැවූ සිහින බොඳවී විසිරුනා නොවේ මල් පල දැරුවා පමණි. ආයුබෝවන් රුහුණු සරසවි මවුනි ගරු.!

Tuesday, March 2, 2010

නීල දෑස්


සරෝජනී නීල දෑස මට දෙනවද තියා ගන්න
නිළුපුල් මල් දෙකක් වගේ හරව හරවා හැඩ බලන්න
නුරාගිනී හැඟුම් වසා හිස අද්දර තියා ගන්න
සඳුන් කොකුම් තවරාලා සඳපානේ මට සිඹින්න

මැණික් ග‍ඟේ පේවීලා දේවාලෙට අපිත් යමුද
වන්දනාවේ නඩේ සමග කාවඩි සෙල්ලම් කරන්න
කිරි වෙහෙරේ මල් කෙල්ලන් ඔය ඇස් දෙක මිල කරයිද
සැන්දෑවේ අඳුර එක්ක හූල්ලන්න සිද්ධ වෙයිද

සඳපානේ සඳළුතලේ ඔයත් එක්ක තරු ගනින්න
ගිමන්හලේ තිනි වුනොතින් ඉක්මන් කර මට කියන්න
තරු රෑනේ දිලිසි දිලිසි ආකාසේ බබලවන්න
බැරි උනාට මටත් හිතයි නඹෙ ලඟට වෙලා ඉන්න

3 comments:

දිල් said...

සදළු තලේ උඩට එන්න
අහසෙ තියෙන තරු ගනින්න
දුර හිද බෑ පෙම් කරන්න
අනේ ඉතින් ලගට එන්න

හිත තුල සක්මන් කරන්න
මොහොතක් ඇස් දෙක වහන්න
ඔය හීනෙට මට එබෙන්න
අවසර දෙනවද කියන්න

ආදරේට රන්ඩු වෙන්න
හාදු දීලා යාළු වෙන්න
තුරුල් වෙලා හිනාවෙන්න
මම ආසයි ලගම ඉන්න

ඔය පපුවට හිස තියන්න
හිතේ නතර වෙලා ඉන්න
සදාකල්ම ඔබේ වෙන්න
අවසර දෙනවද කියන්න

Lahiru Siriwardhana said...

ලස්සනයි ගොඩක්...පෝස්ට් එකයි කමෙන්ට් එකයි දෙකම

ස්වර්ණ කුමාර said...

තෑන්ක්ස් ෙදන්නටම