
හිනහෙන්න දුන්න
අවසරය අරන්
ඔබ යන්න එපා
දුන් සතුට අරන්
මේ විසල් ලොවේ
සැඟවෙන්න එපා
මගෙ සිත් යායෙන්
සැඟ නොවෙන නිසා
නිල් අහස පුරා
තරු අකුරු සොයා
මේ ලියූ කවිය
සුන් කරනු එපා
අවුරුද්දට ගෙදර ගිහින් පරණ නෝට් ඇදලා බැලුවා.කැම්පස් එකේදි ලියපු කවියක් හමු උනා.අළුත් නැවක් ආවට පස්සේ ලියවුන මල් කවියක්.
3 comments:
සඳක් වෙන්න එපා තවත් එලිය අනුන් දකීවි
ගගක් වෙන්න එපා තවත් වතුර අනුන් අදීවි
මඟක් වෙන්න එපා තවත් හිමි නැති උන් දුවාවි
පොරක් වෙන්න එපා තවත් ඔබ උදුරා ගනීවි
සඳක් වුනේ එලිය දෙන්න අඳුර සිඹින හින්දා
ගඟක් වුනේ පිපාසයෙන් පීඩිත වූ හින්දා
මගක් වුනේ මගක් නොදැන මං මුලාවූ හින්දා
පොරක් වුනේ ඔබ සැමගේ comment බැලූ හින්දා
අඳුරට දැල්වු පහනව ලොවට එලිය දෙන්න
සිනාවෙන්න හැමදාමත් සතුට රැදෙයි ලඟම
විසල් ලොවේ සැඟවුනු සිත් සොයා නොයන්න
පොරක් වෙන්න එපා ඔහොම ඔබම වෙලා ඉන්න..!!
Post a Comment