සොඳුරු සරසවි අසපුව

සරසවි ජීවිතය සුන්දර මතකයක් පමණක් නොවේ. සොඳුරු යෞවණය ජීවය ලැබූ ඒ අසපුව මගේ හිතේ කවිකම පිළිසිඳ ගත්තා. එහිම උපන් කවි සිත අද කෙතරම් වැඩිවියට පත්ව ඇත්දැයි අදහා ගත නොහැක.සතුටකි. මිහිරකි. මවුනි ඔබ ඇකයේ සිට මැවූ සිහින බොඳවී විසිරුනා නොවේ මල් පල දැරුවා පමණි. ආයුබෝවන් රුහුණු සරසවි මවුනි ගරු.!

Wednesday, June 2, 2010

සිත් අහස



හිස්ම හිස්
ආකා‍සය වගේ
මගේ හිත
සුසුම් හඬ
අසන්න
විහ‍ඟෙකු වත්
නැති

3 comments:

Amila Chathuranga said...

පාලුවත් මාර ආතල්..මේ දේ කරන්න මේදේ නොකරන්න කියා කෙනෙක් නොමැත..මේ සුදුසුයි මේ නුසුදුසුය් තෙපලීමට ඇත්තේ මා සිත පමණි...ඒක අපි ලබන පින් කරපු සීසන් එකක්...

දුකා said...

විහඟෙකු වත් නැති වුනාට
මතක නැද්ද
හිස් අවකාශේට
ඇස් තියෙන බව
දකින්න උඹේ පාලුව
කන් තියෙන බව
අහන්න
උබේ දුක් ගැනවිලි . .

ස්වර්ණ කුමාර said...

ගොඩක් ස්තූතියි දෙන්නටම.

කොයි තරම් ඇස් කන් තිබුනත් බලන්නේම නෑ මං දිහා.

අහස ඔන්න එතැන ඉන්නවා
මමත් මෙහෙම මෙතැන ඉන්නවා.....

පාළුව නම් ආතල් එකක් තමයි. හැබැයි වේදනාවයි.