
අරුණැල්ලේ පිනි පලස් පුරාපවනැල්ලේ සිරි අසිරි දරා
හසරැල්ලක් මුව මඩල පුරා
ඉපනැල්ල්ලෙන් ආ සුවඳ සරා
මල් පාරේ මල් සුවඳ සොයා
සෙව්වත් සරසවි උයන පුරා
සංසාරේ සෙව් පැතුම් සොයා
ගන්නට බැරි විය හිතේ දරා
සිත හිරි වට්ටන නෙතු නොවසා
ඉන්නට බැරිද කියන් පවසා
හදවත ගස්සන සොඳුරු දොසා
ඉන්නට නොකියා බැරිද මුසා
සිහින පැතුම් මල් පොදි අහුරා
ගව්සිය දුර ඔබෙ පැතුම් සොරා
ගන්නට ආ පෙර මග අහුරා
සරසවි සිව් වස ගෙවී ගියා
No comments:
Post a Comment