
හිතේ තිබුන දුක් ගින්දර නිවා ගන්න ආවා තමයි
මැණික් ගගේ දිය මතු පිට ඒ දුක සැඟවුනා තමයි
කිරි වෙහෙරේ උඩ මළුවේ පහනක් දැල්වුනා තමයි
දේවාලේ පිය ගැට ලඟ සිව් නෙත් යාවුනා තමයි
පූජා වට්ටියක් අරන් කඳ සුරිඳුන් පිදුවා තමයි
ලිපිනයවත් ඉල්ල ගන්න ඒ පින මදි වුනා තමයි
පත්තිනි මෑනියන් ඇවිත් අපිට උදව් කලා තමයි
සෙල්ල කතරගම දෙවොලෙදී ආයෙත් හමු උනා තමයි
වන්දනාවේ ආ හින්දා පුර සඳ හමු උනා තමයි
සඳ එලියට මුවා වෙලා දෙසිතක් යා වුනා තමයි
පිරුවටයේ නිකැලැල් බව තියන්න බැරි උනා තමයි
දිවි ඇති තෙක් එකට ඉන්න රන් කඳ බැරි උනා තමයි
2 comments:
ඇත්ත තමයි!!!
please remove word verification.
අසාදාරන කාරනාවක් පදනම් කරගෙන දෙන්න වෙන් උනු එක ගැනයි මට තියෙන දුක.
Post a Comment