
මේ ලැයිම් කාමරේ හරි ශීතයි
ඉස්ටෝරුවේ මුර කවුළුව ඈතයි
සෙල්ල දොරේ හිත ගිනි උහුලයි
ලෙච්චමීට රෑ සඳ පාළුයි
තේ දල්ලේ කහට දෑතේ පුසුඹයි
ගිනි අව්වේ සැරට පුසුඹ මැකී යයි
මීදුම් සළු ගත තවරා එයි
මුළු පස්සර කඳු වැටියම නිසලයි
පොට්ටු තැබූ නලලත සිනිඳුයි
කොපුල් පුරා කඳුළු හැඩ කරයි
රටා පැදුර තනිව හූල්ලයි
මාරිමුත්තු කෝවිල නිහඬයි
2 comments:
ඔබෙ ලැයින් කාමරේ උනුහුම් කරන්න...
නෙලන තේ දලුවල රසය මටත් විඳින්න....
ඒන්ෙන් කවදාද කියන්න
Post a Comment