
ඉඳුවර මල් නෙලා ගන්න
දෙව්ලොව නොගියානම්
කඳුකර සපු මල් නෙලන්න
තිබුනා හැමදාම..............
තරු මල් අහුලා සිඹින්න
අහසට නොගියානම්
සේපාලිකා මල් සිඹින්න
තිබුනා හැමදාම..............
මිණි මුතු අහුරක් ගෙනෙන්න
සත් මුහුදට නොගියානම්
බොරළු පහස විඳින්න මට
තිබුනා හැමදාම..............
දෙව්ලොව නොගියානම්
කඳුකර සපු මල් නෙලන්න
තිබුනා හැමදාම..............
තරු මල් අහුලා සිඹින්න
අහසට නොගියානම්
සේපාලිකා මල් සිඹින්න
තිබුනා හැමදාම..............
මිණි මුතු අහුරක් ගෙනෙන්න
සත් මුහුදට නොගියානම්
බොරළු පහස විඳින්න මට
තිබුනා හැමදාම..............
2 comments:
හරිම ලස්සනයි...ඇත්තමයි
මේ පද හරිම ලස්සනයි සහෝ
ගොඩක් ස්තූතියි මිතුරිය. ඇත්තටම ඔයාලගේ විචාරයන් තමයි අපේ හැකියාව ඔප් නංවා ගන්න තියෙන ශක්තිය.
Post a Comment