
මිනිස්සු ජීවිතයට ඇති වෙන දුක බෙදා ගන්න විවිධ දේවල් කරනවා.සමහරු යාළුවන් සමග දුක බෙදා ගන්නවා.අඩනවා. හූල්ලනවා. සමහරු පොත් ලියනවා. කවි ලියනවා.චිත්‍ර අඳිනවා. සමහර විට මාත් එහෙම වෙන්න ඇති. මේ හැම දේම කරන්න ඇති. කවි ලියන එක හිත හදා ගන්න සංරක්ෂණ ප්‍රයෝගයක් කියලා කැම්පස් එකේදී මනෝ විද්‍යාව දේශනයකදී ඇහුවා මතකයි.
කොහොම උනත් අපි කරන කිවන දේවල් වල හොඳ නරක දකින්නේ අපි අවට ඉන්න අය. අපේ අදහස් ස්පර්ශ කරන අය. මට නමි හිත අපි ලියන දෑත් එහෙමයි. සමහරුන්ට ඇලජික් ඇති. සමහරුන් අගය කරනවා. ඒ නිසා බ්ලොග් කියවන සහෘදන් ඒ බව හොඳටෝම දන්නවා.
අහම්බයෙන් බ්ලොග් එකක් පටන් ගත්තා. පුරා වස්තු වෙමින් තිබූ කුරුටු ගෑ පද පේලි සංරක්ෂණය කරලා ඔයාලත් එක්ක බෙදා ගන්න හැදුවා මිස පොරක් වෙන්න හැදුවේ නම් නෑමයි. දයාබර ධම්මි අක්කා, දයාබර පවිත්‍රා, ඔබ නිසා තමයි සරසවි සිහින අළුත් වුනේ. කවුරු නැතත් මගේ නර්මාණ ඔබේ ගුණදොසින් වර්ණවත් වේවි. මේ දුක නොවේ.
1 comment:
නියමයි....
Post a Comment