
සඳ සාවී හැඬුවාද නෙත් රිදෙනකම්
සඳ වතුර උතුරාලා සිපගන්නකම්
කිරි වෙහෙර නෑවීලා ඒ දිය කඳින්
මිණි නදිය සැරසීලා නුඹටත් හොරෙන්
පේවීලා ආවාට නිල් මල් අරන්
මල් මාල ගෙතුවාද සුදු මල් වලින්
පූජාව සුරිඳුන්ට පුද දෙන්නනම්
ඔබ තාම ඇයි නාවේ මුරුතැන් අරන්
නොපෙනුනිද සුරිඳුන්ට දුක දිව් ඇසින්
මිහිතලයේ සඟවාපු මල් පොකුර උන්
නිහඬ වී සිටින්නේ අපෙ පින් අරන්
සුර ලොවට යැව්වාද මයුරාසනෙන්
සඳ වතුර උතුරාලා සිපගන්නකම්
කිරි වෙහෙර නෑවීලා ඒ දිය කඳින්
මිණි නදිය සැරසීලා නුඹටත් හොරෙන්
පේවීලා ආවාට නිල් මල් අරන්
මල් මාල ගෙතුවාද සුදු මල් වලින්
පූජාව සුරිඳුන්ට පුද දෙන්නනම්
ඔබ තාම ඇයි නාවේ මුරුතැන් අරන්
නොපෙනුනිද සුරිඳුන්ට දුක දිව් ඇසින්
මිහිතලයේ සඟවාපු මල් පොකුර උන්
නිහඬ වී සිටින්නේ අපෙ පින් අරන්
සුර ලොවට යැව්වාද මයුරාසනෙන්
2 comments:
ස්වර්ණ කුමාර
කතරගම
එන්න සරසවි අසපුවට විඳගන්න සුමිහිරි මතකය...
වැදගන්නද විදවන්නද ස්ට්රයික් කරන්නද තමනුත් කාලා ඒදුක දැන දැන අනුන්ටත් රැග දෙන්නද???
එකෙන් එකා එකතුවෙලා හරි මේක සුමිහිරි තැනක් කරන්න පුලුවන්නම්.... අඩුම තරමේ තව අවුරුදු 10කින් වත් ඔය කියන විදියේ තැනක් වේවි.
එතකොට අපටත් කොච්චර සතුටුද?
කැම්පස් තියෙන්නේ විඳවන්න නෙවෙයි.විඳ ගන්න ඒක නොදත් මෝඩයෝ ටිකක් ඒ පූජණීය තැනට ඇවිත් විනාශ කලාට හරමෝටම ගරහන එක වැරදියි
Post a Comment