සොඳුරු සරසවි අසපුව
සරසවි ජීවිතය සුන්දර මතකයක් පමණක් නොවේ. සොඳුරු යෞවණය ජීවය ලැබූ ඒ අසපුව මගේ හිතේ කවිකම පිළිසිඳ ගත්තා. එහිම උපන් කවි සිත අද කෙතරම් වැඩිවියට පත්ව ඇත්දැයි අදහා ගත නොහැක.සතුටකි. මිහිරකි. මවුනි ඔබ ඇකයේ සිට මැවූ සිහින බොඳවී විසිරුනා නොවේ මල් පල දැරුවා පමණි. ආයුබෝවන් රුහුණු සරසවි මවුනි ගරු.!
Thursday, December 29, 2011
Sunday, October 16, 2011
Monday, August 8, 2011
දිළිඳු බවේ සාපේක්ෂතාවය
පොල් අතු ටකරන් සෙවිළි තහඩු යට
කටු මැටි බිත්තිය කඩතොළු වී ඇත
ගොම මැටි ගෑ බිම සුව යහනක් විය
දරු පැටවුන් ටික එහිම නිදනු ඇත
රට උළු සෙවිළිය සිවිලිම සරිකොට සුදු හුනු තවරා පිරියම් වී ඇත නා නා විධ බුමුතුරුණු සුවය මැද එහිද නිදයි පැටවුන් ටික ගුලිකොට
දිය බී පිර වූ බඩවියතට රස අහරක් නොමැතිව සැවොම තැවෙනු මිස
සිය පන නල රැක ගන්න වෙහෙසකර ජීවන මාවත දුකට හුරුව ඇත
කටු මැටි බිත්තිය කඩතොළු වී ඇත
ගොම මැටි ගෑ බිම සුව යහනක් විය
දරු පැටවුන් ටික එහිම නිදනු ඇත
රට උළු සෙවිළිය සිවිලිම සරිකොට
දිය බී පිර වූ බඩවියතට රස

Tuesday, July 19, 2011
Tuesday, June 7, 2011
Tuesday, May 31, 2011
Monday, May 16, 2011
Thursday, March 24, 2011
Sunday, March 13, 2011
දෙහදක සුසුම්
අකීකරුයි රෑ සඳ ගෙපැලට ආ හින්දා
හදේ සුසුම් තනි යහනේ තනියට උන්නා
පාළු පැලේ පිල්කඩ උඩ නුඹෙ වත පෙනුනා
ඒ හීනෙට ගත රැඳි සෝ සුසුමන් නිවුනා
තරු මල් කැට ඔච්චම් කර මහද රිදවනා
හැටි බල බලා සඳ දෙව් දුව තවත් හිනහුනා
මහ දෙවොලේ අළුයම තේවා හඬ ඇහුනා
මිණි නදියේ බොර දිය කඳ තවත් වැඩි වුනා
කිරි වෙහෙරට මල් නෙළුමට නුඹ ගිය හින්දා
රෑ තනියම හීන සමග මා පෙම් බැන්දා
උදේ හවස මල් කඩයේ මා උන් හින්දා
නුඹේ සුසුම් හිරු එලියෙන් හදවත බින්දා
Sunday, February 13, 2011
වැලන්ටයින් නුඹ කොහෙද

නැලවෙන නැලවෙන
රිද්මෙට නැලවෙන
සෙලවෙන සෙලවෙන
කාලෙට සෙලවෙන
බද්‍ර යෞවණේ කොටස් වෙළඳපොල
සුපෙම්වතුන්ගේ සුපෙම් කතන්දර
තාරුණ්‍යයේ හද රිද්මය පා කර
වැලන්ටයින් නුඹෙ පෙම් මල් පුදසුන
ලෝක වෙළඳපොල ලාබෙට විකුණන
ගැස්සෙන පැද්දෙන
රිද්මෙට රොක්වෙන
සොඳුරු යොවුන් විය
තරු සිහිනය මත
අඳුරු සයනයක
සැතපෙනු දැක දැක
වැලන්ටයින් නුඹ බලා සිටිනවද
Sunday, February 6, 2011
Monday, January 3, 2011
Sunday, January 2, 2011
සුබම සුබ නව වසරක් වේවා

ලැබුවාවු නව වසර සුබම සුබ නව වසරක් වේවා සියළුම සහෘදයන්ට. 2010 වර්ෂය පුරාම කවි ලියලා සරසවි සිහින සැරසුවාට නව වසරට සුබ පැතුමක්වත් ලියන්න ඉස්පාසුවක් තිබුනේ නෑ. වර්ෂ අවසානේ නිසා ඉවර කර ගන්න බැරි වැඩ කන්දරාව 31 රෑ වෙනකම් ඉවර කලා.
ලස්සන අළුත් අවුරුද්දක් ලැබුවා. නැවුම් පැතුම් නැවුම් සිතුම් එක්ක ගොඩක් අය සුබ පැතුවා. හැස දෙනාට ස්තූතියි වගේ සැම දෙනාටම නව වසරේ පැතුම් ඉටු වෙන අරුත්බර හෙටක් කියලා පැතුම් ගෙන එනවා.
ලස්සන අළුත් අවුරුද්දක් ලැබුවා. නැවුම් පැතුම් නැවුම් සිතුම් එක්ක ගොඩක් අය සුබ පැතුවා. හැස දෙනාට ස්තූතියි වගේ සැම දෙනාටම නව වසරේ පැතුම් ඉටු වෙන අරුත්බර හෙටක් කියලා පැතුම් ගෙන එනවා.
Subscribe to:
Posts (Atom)