
පෙර දිනයක මා නුඹගේ අත ගෙන
ඇවිද ගියපු මල් පාර අනන්තයේ....
නටබුන් නොවෙනා මතක මහල අද
අපේ නමින් ලියු ප්‍රේම පුරාවත
මකා දමා ඇත සංරක්ෂණ කර
බිතු සිතුවම්වල ඇඳුනු අපේ රෑ
මැකී ගොසිනි නව සුනු සායම් මත
පිය ගැට අභියස
පිපුනු නැවුම් මල්
අප එන මාවත
බලා සිටිනවද
රුහුනු කුමාරිය
හැර ගිය බව දැන
සරසවි අසපුව
හැඬුවද ඉකිබිඳ