
නැලවෙන නැලවෙන
රිද්මෙට නැලවෙන
සෙලවෙන සෙලවෙන
කාලෙට සෙලවෙන
බද්‍ර යෞවණේ කොටස් වෙළඳපොල
සුපෙම්වතුන්ගේ සුපෙම් කතන්දර
තාරුණ්‍යයේ හද රිද්මය පා කර
වැලන්ටයින් නුඹෙ පෙම් මල් පුදසුන
ලෝක වෙළඳපොල ලාබෙට විකුණන
ගැස්සෙන පැද්දෙන
රිද්මෙට රොක්වෙන
සොඳුරු යොවුන් විය
තරු සිහිනය මත
අඳුරු සයනයක
සැතපෙනු දැක දැක
වැලන්ටයින් නුඹ බලා සිටිනවද